මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සොලී යළිත් සටනට

මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සොලී යළිත් සටනට

මාලදිවයින් ඉදිරි මැතිවරණය සඳහා එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති ඊබ්‍රහිම් සොලී තෝරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකදී පක්ෂයේ සභාපති සහ කථානායක මොහොමඩ් නෂීඩ් පරදවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඊබ්‍රහිම් සොලී සමත් වූ බවයි.

එම ධුරයේ කටයුතු කරමින් සිටින ජනාධිපතිවරයෙකු යළිත් වරක් මැතිවරණයට තරග කිරීම සදහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීමකින් ජයග්‍රහණය කරනු ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වනවා.

Share This