
මාලදිවයිනේ බෝට්ටුවක් පෙරළී ශ්‍රී ලාංකිකයා අතුරුදන්
මාල දිවයිනේදී පඩුවස්නුවර, තෙන්ගොඩගෙදර තරුණයකු වන ටි.එම්.ප්‍රදීප් සංජීව අතරුදන් වී ඇතැයි වාර්තා වනවා.
ඔහු බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු ලෙස රැකියවකට දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් 10 වන සෙනසුරාදායි.
දින කිහිපයක් එහි සේවය කර ඇති ඔහු ඉකුත් බදාදා රාත්‍රියේ දී බැකෝ යන්ත්‍රය බෝට්ටුවක පටවාගෙන වෙනත් දූපතක් කරා තවත්ස සේවනයින් 7 දෙනකු සමග යාමේදී මුහුදේ දී රළ පහරට හසු වී පෙරලී ගොස් ඇතැයි සඳහන්.
බෝට්ටුවේ ගමන් කළ 4 දෙනකු ජීවිතය බේරාගෙන ඇති අතර අනෙක් තිදෙනා ගෙන් එක් අයකුගේ මළ සිරුර හමු වී ඇතැයි වාර්තා වුණා.
ශ්‍රී ලාංකිකයා ඇතුලු ඉතිරි දෙදෙනා තවමත් අතුරුදන්ව සිටිනවා.
මේ පිළිබදව නිවැසියන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුවත් කර ඇතැයි වාර්තා වුණා.
මෙම තරුණයා වයස අවුරුදු 36 ක් වන අතර දෙදරු පියක්.
මාලදිවයිනේ වෙබ් අඩවියක් මෙම සිදුවීම වාර්තා කරමින් පවසා තිබුණේ කාෆු අටෝල් එරියාඩු අසල ගොඩබිම් යාත්‍රාවක් පෙරළීමෙන් පසු පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ සිරුර සොයාගත් බවයි.
මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායට (MNDF) අනුව, තවත් විදේශීය ජාතිකයෙකු අතුරුදහන් වී තිබෙනවා.
බදාදා රාත්‍රියේ ගොඩබෑමේ යාත්‍රාවක් වූ බෝට්ටුවේ පුද්ගලයින් හත් දෙනෙකු සිට ඇති අතර පුද්ගලයින් හතර දෙනෙකු බේරා ගත් බව මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය තහවුරු කර තිබෙනවා.
අතුරුදහන් වූවන්ගෙන් ඔහු මියගොස් සිටියදී සොයාගත් පුද්ගලයා සරුසූනුගේ, ගාෆු දන්ධූ හි පදිංචි 38 හැවිරිදි අහමඩ් ෂිෆාන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
අතුරුදහන් වූ ඉතිරි පුද්ගලයා සොයා ගැනීම සඳහා සෝදිසි කටයුතු දිගටම කරගෙන යන බවයි එරට පුවත් පවසන්නේ.