
මාලිමා මන්ත්‍රිවරයෙකුගෙන් පොලිස් සැරයන්වරයෙකුට තර්ජන
නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව ජාතික ජනබලවේය මට්ටමින්ද සිද්ධිය පිළිබඳව සොයා බලමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවා.
නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව රණසිංහ මහතා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බවට සටහනක් වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු විසින් පොලිස් සටහන් පොතේ යොදා තිබෙනවා.
පසුගිය 05 වැනිදා තමන්ට මෙම තර්ජනය කිරීම සිදුකළ බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදී දුෂ්කර පළාතකට තමන්ව මාරුකරන බවට තර්ජනය කළ බවත් සැරුයන්වරයා තැබූ සටහටනේ දැකවෙනවා.
මේ අතර අදාළ සැරයන්වරයාට තර්ජනය කිරීම සඳහා මන්ත්‍රිවරයා සැරයන්වරයාගේ දුරකතන අංකය ලබාගෙන ඇත්තේ වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් බවට ද තොරතුරු වාර්තා වනවා.
අදාළ බැනවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාට ද දැනුම් දීමෙන් පසුවයි පොලිස් සටහන් පොතේ සිද්ධිය සටහන් කර ඇත්තේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කලුතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතා විසින් විමර්ශනයක් සිදුකිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු පත්කර තිබෙනවා.
ඒ අනුව ඉකුත් 07 වැනිදා සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත මහතා විසින් මේ පිලිබඳ විමර්ශනක් අරඹා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව අදාළ පොලිස් සැරයන්වරයා සේවයට වාර්තා නොකර ප්‍රදේශයෙන් බැහැරට ගොස් ඇති නිසා මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හැකිවී නැහැ.
අදාළ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව රණසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් එය ව්‍යර්ථවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ලයිව් ඇට්ි ශ්‍රී ලංකා වෙත ප්‍රකාශ කළේ අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය සහ එහි බර පිළිබඳව සොයා බලමින් සිටින බවයි.
වැලිපැන්න පොලිසියේ ඉහළ නිලධාරීන් සඳහන් කළෙ අදාළ සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද අපේක්ෂා කරන බවයි.