
මාලි මෙහෙයුම අවසන් කර යුද්ධ හමුදා භට පිරිස් යළි දිවයිනට (PHOTOS)
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සදහා මෙරටින් පිටත්ව ගිය යුද හමුදා භට පිරිස් වසර 7ක සාම සාධක මෙහෙයුම් අවසන් කරමින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව එම සාම සාධක කණ්ඩායම අද (24) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බවයි යුද හමුදාව සඳහන් කළේ.
යුද හමුදා මාණ්ඩලික නිලධාරීන් 14 ක් ඇතුළු සෙසු නිලයින් 1099ක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා පසුගිය 2017 වසරේ යොදවා තිබූ අතර එම බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා කටයුතු කළා.
සාම සාධක මෙහෙයුම්වලින් විදේශ විනිමය ලෙස රුපියල් මිලියන 14,524කට අධික මුදලක් මෙරටට උපයාදී ඇති බව සඳහන්.
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමේ යෙදී සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනෙකු කැරලිකරුවන් විසින් ඇටවූ පුපුරණ ද්‍රව්‍ය ඇටවුමකට හසුව 2019 වසරේ මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් තිබුණේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකායේ කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය නැමැති තිදෙනෙක්.
යුද හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සෙසු නිලයන් 29 දෙනෙකු සාම සාධක රාජකාරියේදී තුවාල ලබා තිබුණා.
සාම සාධක බළඇණිය අද (24) කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව එම බළකායේ අණදෙන නිලධාරි කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා විසින් ස්වේච්ඡා බළ සේනාවේ සේනා විධායක මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර මහතාට එක්සත් ජාතීන්ගේ ධජය භාරදී මාලි රාජ්‍යයේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කළ බව යුද හමුදාව සඳහන් කළා.