
මාලි රාජ්‍යයේ රන් පතලක නායයෑමකින් 48 දෙනෙකු මරුට
මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ චීන සමාගමක් විසින් කලින් ක්‍රියාත්මක කරන ලද අතහැර දැමූ පතලක මෙම නායයෑම සිදුව ඇති බවයි
එමෙන්මතවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා
මාලි රාජ්‍ය යනු අප්‍රිකාවේ ප්‍රමුඛතම රන් නිෂ්පාදකයින්ගෙන් එකක් වන අතර, පතල් කැණීම් ස්ථානහි නිතිපතා මාරාන්තික නායයෑම් සහ අනතුරු සිදුවන බවයි වාර්තා වන්නේ
පසුගිය ජනවාරි මාසයේ ද දකුණු දිග මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා