මාවනැල්ල බස් අනතුරෙන් කාන්තාවක් මරුට – 32ක් රෝහලට
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ අන්වාරම කතෝලික දේව ස්ථානය ඉදිරිපිට වංගු සහිත මාර්ගයේ අද (25) සිදු වූ බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මිය ගිය කාන්තාව මොළගොඩ මංගලම ප්‍රදේශයේ 64 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් .
අනතුරෙන් තවත් 32 දෙනෙක් රෝහල් ගත කර බවත් මාවනැල්ල පොලිසිය සඳහන් කළා.
කෑගල්ල දෙස සිට පැමිණි පෞද්ගලික බස් රථය අනතුර සිදු වූ ස්ථානයේ නවතා තිබියදී මාවනැල්ල දෙස සිට පැමිණි ලංගම බස් රථය අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවද සඳහන්.
එම ස්ථානය අවදානම් සහිත වංගුවක් වන අතර මෙම අනතුර නිසා බස් රථ දෙකටම දැඩි හානි සිදු වි තිබුණා
මේ වන විට බස් රථ දෙකෙහිම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.