මාස තුනක් විදුලිය කපනවාද නැද්ද යන්න තීරණය අද (වීඩියෝ)

මාස තුනක් විදුලිය කපනවාද නැද්ද යන්න තීරණය අද (වීඩියෝ)

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විදුලි කප්පාදුවකට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේ දී තීරණය කරනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

මේ අතර ජල විදුලිය, තාප විදුලිය සහ ගල් අඟුරු විදුලිය යන තුනෙහිම සංයුතියෙන් මෙරට විදුලි අවශ්‍යතාව පූර්ණයවන බව එම කොමිසම සඳහන් කරනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ මින් වැඩි වශයෙන් ජල විදුලියේ දායකත්වය ඇති බවයි.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

Share This