මාස හයක් පුරා අහම්බෙන් වැසිකිළි වතුර පානය කළ යුවළක්

මාස හයක් පුරා අහම්බෙන් වැසිකිළි වතුර පානය කළ යුවළක්

චීනයේ Beijing නුවර ජිවත් වන යුවළක් අහම්බයකින් මාස හයක් තිස්සේ වැසිකිළි වතුර පානය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ යුවළ Beijingහි ඔවුන්ගේ නව මහල් නිවාසයේ රැදී සිටින කාලයේදී විවිධ වූ සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දුන් බවයි සඳහන් වන්නේ.

Tan නම්වූ පිරිමි පුද්ගලයාගේ හිසකෙස් යාමේ ගැටලුවට මුහුණ දීමට පටන් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ දෙදෙනා මාස කිහිපයක් තිස්සේ ඔවුන්ගේ ජල බිල්පතද නොගෙවා තිබූ අතර තවමත් ජල පහසුකම් ඔවුන්ට ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට ගැටලුවක් නැගී තිබෙනවා.

පසුව නිවසේ ජල නල ගැටළු ඇති බවට සැක කරමින්, ඔවුන් මහල් නිවාසයේ ජල නල පද්ධතිය පරික්ෂා කිරීමට යොමු වූ බවයි සඳහන් වන්නේ.

ජලනල කාර්මිකයෙකු පැමිණ පරික්ෂා කළ විට ඔහු අනාවරණය කරගෙන් ඇත්තේ නිවසේ ප්‍රධාන පයිප්පය නාන කාමරයේ වැසිකිළි නළයට සම්බන්ධ වී ඇති අතර එමගින් මහල් නිවාසයේ සියලුම ජලය අපිරිසිදු වී ඇති බවයි.

ඒ අනුව මෙම යුවළ නොදැනුවත්ව මාස හයක් පුරා පරිභෝජනය ඇත්තේ වැසිකිළි පයිප්පය හරහා ගලා ගිය ජලය බවයි ජලනල කාර්මිකයා සඳහන් කළේ.

ජලනල කාර්මිකයා වහාම ගැටලුව විසඳීමට කටයුතු කළත් මෙම යුවළට දීර්ඝ කාලීනව සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව වෛද්‍යවරුන් පවසනවා.

කෙසේවෙතත් මේ යුවළ දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර මේ දෙදෙනා නිවසේ හිමිකරුගෙන් මූල්‍ය වන්දියක් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This