මාස 03ක් තුළ වෙඩි තැබීම් 30 ක් – 21 ක් මරුට (VIDEO)
මාස තුනක් තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 30කින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙම වෙඩිතැබීම්වලින් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඊයේ (12දා) කියා සිටියේ.
වෙඩිතැබීම් 17 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවත්, ඉතිරි 13 පෞද්ගලික හේතූන් මත සිදුකර ඇති බවටත් තොරතුරු ආනාවරණය වී තිබෙනවා.
අපරාධ මර්දනය සඳහා පොලිසිය පවතින නීතියට අනුව කටයුතු කරන බවත් ‘යුක්තිය’ මෙහෙයුම ඇරඹීමේ මූලික අරමුණ එය බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සංවිධානාත්මක අපරාධකරුවන් කෙසේ කටයුතු කළත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීතියට අනුව බවත් වැඩිදුරටත් කියා සිටියා.