
මාස 10 කින් ජාතික ලොතරැයි මණ්ඩලය රු. බිලියන 40 ක ඉලක්කය පසු කරයි
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් මිලියන 662 ක ලාභාංශ මුදල් එහි සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා විසින් කම්කරු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත ප්‍රධානය කර තිබෙනවා.
ඒ කර්මාන්ත අමාත්‍යාංශයේදීයි.
ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂයේ අපේක්‍ෂිත ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 40 ක සීමාව ගත වූ මාස 10 ක සීමාව තුල සපුරා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
