මාළු ටැංකියට වැටී දරුවෙකු මරුට

මාළු ටැංකියට වැටී දරුවෙකු මරුට

මිද්දෙනිය වික්‍රම මාවත ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා.

නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා මියගොස් ඇති බවට සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ තුන් හැවිරිදි වියේ පසුවූ දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share This