මා දැල් ඇදීමට ට්‍රැක්ටර් දැමීම ගැන ධීවරයින් මත දෙකක (VIDEO)

මා දැල් ඇදීමට ට්‍රැක්ටර් දැමීම ගැන ධීවරයින් මත දෙකක (VIDEO)

මා දැල් කර්මාන්තය සදහා දැනට යොදා ගන්නා ට්‍රැක්ටරය ඇතුළු යාන්ත්‍රික උපකරණ රජය විසින් තහනම් කරනු ලැබුවහොත් මා දැල් කර්මාන්තය මෙරටින් තුරන් වීමට ඉඩ ඇති බව සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

මා දැල් සඳහා යොදාගන්නා යාන්ත්‍රික උපකරණ තුළින් පාරිසරික හානියක් සිදුවේ නම් රජය සිදුකළ යුත්තේ තහනමක් පැනවීම නොව ඒ සඳහා විකල්ප ලබාදීම බවයි මා දැල් කර්මාන්තකරුවන් අවධාරණය කරන්නේ.

මෙරට ධීවර කර්මාන්තයේ පන්න ක්‍රම අතර මාදැල් පන්න ක්‍රමය වඩාත් ප්‍රචලිත පන්න ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.

වෙරළේ සිට කිලෝ මීටර දෙකකට වඩා අඩු දුරට මාදැල එලා මසුන් හසුවීමෙන් පසු මිනිස් ශ්‍රමයෙන් දැල ගොඩට ඇඳීම එහිදී සිදු කෙරුණා.

එහෙත් පසු කාලීනව මිනිසුන් වෙනුවට ට්‍රැක්ටර් රථ යොදා මා දැල ආදීමේ ක්‍රමවේදයක් ප්‍රචලිත වුණා.

එත් සමඟම කළක් වෙරළේ සිට කිලෝමීටර් දෙකකට අඩු දුරක එලූ මාදැල වර්තමානයේ ඇතැම් ප්‍රදේශවල ධීරයින් කිලෝමීටර් 5 ක පමණ දුරට එළීමට පටන්ගෙන තිබෙනවා.

එමඟින් මුහුදු පතුලට වන හානිය වැඩිවන බවටයි සුලු පන්න ධීවරයින් චෝදනා කරන්නේ.

ඊට අමතරව වෙරළට හා වෙරළ ආශ්‍රිත ශාක පද්ධතියට සිදුවන හානියද ඉහළ ගොස් තිබෙනවා.

එවන් තත්ත්වයක් යටතේ ට්‍රැක්ටර් ඇතුළු යාන්ත්‍රික උපකරණ යොදා මා දැළ ඇදීම තහනම් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Share This