මැඩගස්කරයට පැමිණි “ෆ්‍රෙඩී”

මැඩගස්කරයට පැමිණි “ෆ්‍රෙඩී”

‘ෆ්‍රෙඩී’ සුළි කුණාටුව මැඩගස්කරයේ ගොඩබිමට ළඟා වී ඇති අතර තද සුළං වෙරළ ප්‍රදේශයට හානි සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නිවර්තන සුළි කුණාටුව මැඩගස්කරයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වීමෙන් පසු අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර, අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නිවාසවලටද හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.

පාසල් වසා දමා රථවාහන ගමනාගමනය නතර කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ධාරානිපාත වර්ෂාව දින කිහිපයක් පවතිනු ඇති බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා

වෙරළබඩ කලාපයෙන් පුද්ගලයන් 7,000 ක් ඉවත් කර ඇති අතර ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද එරට නිලධාරීන් සඳහන් කරනවා

Share This