මැතිවරණ කොමිසමෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනාවක් (වීඩියෝ)
මහජන ඡන්දයෙන් තේරීපත්වී ජනතා අභිලාෂයන්ට පටහැනි ලෙස කටයුතු කරන යම් මන්ත්‍රිවරයෙකු වේ නම් ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමේ බලය ජනතාවට නැවත ලැබෙන පරිදි නව නීති සකස්කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසම විසින් පෙන්වා දෙනවා.
ඊට අදාළ යෝජනාව මැතිවරණ නීති සංශෝධනය කිරීම පිණිස පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමටයි මැතිවරණ කොමිසම පියවරගෙන තිබෙන්නේ.
පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන යන ඡන්ද විමසීම්වලින් තේරීපත් වන මන්ත්‍රිවරුන් ජනතාව හමුවේ ලබාදුන් පොරොන්දු හා ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට පටහැනි ලෙස ක්‍රියාකරන ආකාරය මෙරට ඉතිහාසය පුරාම දක්නට ලැබෙනවා.