මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදායින් අවසන්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදායින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

එම නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

Share This