මැතිවරණ රාජකාරියේ සිටියදී තිදෙනෙකු මරුට
කැස්බෑව,කොබෙයිගනේ,කෝපායි යන පොලිස් වසම් තුල මැතිවරණ රාජකාරියේ නිරතව සිටි ඡන්ද ස්ථානාධිපතිවරියක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා
එලෙස මියගොස් ඇති ඡන්ද ස්ථානාධිපතිවරියක් ලෙස ඇය රාජකාරි කළ කැස්බෑව සිරි සදහම් ආරාමයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීයි
ඊයේ (13) පස්වරුවේ ඇය හදිසි රෝගාතූර වී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් පිළියන්දල රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් තිබෙනවා
එමෙන්ම කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්ත, උරුම්බායි සයිවදෙමළ විද්‍යාලයට අනුයුක්තව මැතිවරණ රාජකාරියේ යෙදී සිට පොලිස් කොස්තාපල්වරයෙකු අද (14) උදෑසන ඡන්ද මධ්‍යස්ථානය තුළ ලිස්සා වැටීම හේතුවෙන් ක්ලාන්තයට පත්ව කෝපායි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්
මීට අමතරව කොබෙයිගනේ පන්නව මුස්ලිම් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ සේවය කිරීමට පැමිණි සිවිල් කාර්යය මණ්ඩලයේ සේවකයෙකු විද්‍යාලය තුලළ ස්ථානයක ලිස්සා වැටීමෙන් මියගොස් තිබෙනවා .
මෙම සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අදාළ පොලිස් ස්ථාන මගින් සිදුකරමින් පවතිනවා