මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කෙරේ (VIDEO)
මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා පනතේ විධිවිධාන පරිදි වත්මන් ආර්ථික පසුබිමට ගැළපෙන ආකාරයෙන් ඇප සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන ඇති අතර අදාළ පනත් කෙටුම්පත සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
ජනාධිපතිවරණයට පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සඳහා ඇප මුදල ලක්ෂ 26 දක්වාත් ස්වාධීන ජනපතිවරණ අපේක්ෂකයකු සඳහා ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ නංවා තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 16000 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම පළාත් සභා ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුට ඇප තැන්පතුව රුපියල් 6000 දක්වාත් ස්වාධීන අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ඉහළ නංවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.