
මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනයේ ස්ථානගත කිරීමේ අවදානම ගැන චීනය අනතුරු අඟවයි
ටයිෆෝන්’ නම් මැදදුර මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පිලිපීනය තම රටට මෙන්ම සෙසු රටවලට ද කිසිදු හානියක් සිදු නොකළ යුතු බවට චීනය අනතුරු අඟවා තිබෙනවා.
මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනය තුළ ස්ථානගත කිරීම පිළිබඳව එරට නායකයා කළ ප්‍රකාශයකට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා මේ බව ප්‍රකාශ කළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.
ඔහු එහිදී යළිත් අවධාරණය කර ඇත්තේ, අමෙරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමෙන් සිදුවන බරපතල හානිය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය දිගින් දිගටම ප්‍රකාශ කර සිටින බවයි.
සැවොම දන්නා පරිදි, ‘ටයිෆෝන්’මැදදුර මිසයිල පද්ධතිය යනු බහුතර අග්නිදිග ආසියානු රටවල් ආවරණය වන පරාසයක් සහිත උපායමාර්ගික ප්‍රහාරක අවියක් බවත්, අමෙරිකාව එම පද්ධතිය පිලිපීනයේ ස්ථානගත කිරීම කලාපීය සාමය හා ස්ථාවරත්වය මෙන්ම සෙසු රටවල සාධාරණ ආරක්ෂක අයිතිවාසිකම්වලට ද හානි කර ඇති බවත් Guo Jiakun මහතා පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම පිලිපීනය ජාතික ආරක්ෂාව ද නොසලකා “ටයිෆෝන්” මිසයිල පද්ධතියක් තම රටට හඳුන්වාදීම, භූ දේශපාලනික ගැටුම් සහ යුදමය තරඟයේ අවදානම එම කලාපයට හඳුන්වාදීමක් බවද චීනය පවසනවා.
එබැවින් පිලිපීනයේ මෙම හැසිරීම ඔවුන්ට මෙන්ම අන් අයට ද හානිකර බවයි Guo Jiakun මහතා අවධාණය කර සිටින්නේ.