මැදපෙරදිග සමග වෙළඳ සබඳතා තර කර ගැනීමට ඉන්දියාව සැරසෙයි

මැදපෙරදිග සමග වෙළඳ සබඳතා තර කර ගැනීමට ඉන්දියාව සැරසෙයි

මැදපෙරදිග වෙළඳපොළ සමග සිදු කරන වෙළඳ ගනුදෙනු ඉහළ නැංවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙළඳපොළ වෙත සිදුකරන අපනයන ඉහළ නැංවීමටයි ඉලක්ක කර ඇත්තේ.

සාමාන්‍ය මූල්‍ය වර්ෂයකදී ඉන්දියාව මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කර සිදු කරන අපනයනවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 28.3 ක් පමණ වන බව සඳහන්.

එහෙත් මේ වසරේදි එය ඩොලර් බිලියන 32 ක් දක්වා ඉහළ නංවා ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වී තිබෙනවා.

ඒ සඳහා රේගු පහසුකම් සලසා ගැනීම හා නැව්ගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේවනවිටත් දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This