
මැදිරිගිරියේ දී වැසිකිලි වලකට වැටුණු වන අලියෙක් ගොඩ ගෙන පලවා හරී
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුරු ගොඩැල්ල ගම්මානයට සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා ගම් වැදුණු වන අලියෙකු අද උදෑසන නිවසක පිටුපස පිහිටි වැසිකිලි වලකට ඇද වැටී තිබෙනවා.
පසුව මැදිරිගිරිය නව නගරයේ පිහිටි වන ජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ මෙම වන අලියා ගොඩ ගැනීමට පැය 4ක පමණ මෙහෙයුමක් සිදු කළා.
බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මෙම වැසිකිළිවල කඩා දැමීමෙන් පසු වයස අවුරුදු 15ක් පමණ වූ මෙම වන අලියා සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ රක්ෂිත කලාපයය කරා පලවා හැරීමට කටයුතු කර තිබෙනවා.
