මැයි දිනයේ පැවති ප්‍රංශ විරෝධතාවල දී පොලිසියේ 100කට වැඩි පිරිසකට තුවාල(VIDEO )

මැයි දිනයේ පැවති ප්‍රංශ විරෝධතාවල දී පොලිසියේ 100කට වැඩි පිරිසකට තුවාල(VIDEO )

ප්‍රංශයේ මැයි දින පෙළපාලි සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ගැටුම් අතරතුරදී පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම විරෝධතාකරුවන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රාජ්‍ය විශ්‍රාම වැටුප් වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩි කරන වෙනස්කම්වලට එරෙහිවයි මෙලෙස මාස ගණනාවක් පුරා මෙම විරෝධතා පැවැත්වෙන්නේ

පැරිසියේ අගනුවර 112,000ක් ඇතුළුව සමස්ත පෙළපාලිකරුවන් 782,000ක් පමණ සහභාගී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Lyons, Toulouse සහ Nantes යන ප්‍රදේශවල ද ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිව ඇති අතර එහිදී වාහන ගිනි තබා ව්‍යාපාරවලට ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ

Share This