මැයි මාසයේ උද්ධමනය ඉහළ යයි

මැයි මාසයේ උද්ධමනය ඉහළ යයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ දී – 0.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මැයි මාසය සඳහා 0.6% ක් දක්වා වැඩි වී තිබෙනවා.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී 5.9% ක් දක්වා වැඩි වුණා.

එමෙන්ම, අප්‍රේල් මාසයේ දී -3.7 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Share This