මැයි මාසය තුළ මෙරට විදේශ ප්‍රේෂණ ඉහළට

මැයි මාසය තුළ මෙරට විදේශ ප්‍රේෂණ ඉහළට

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ආදායම මැයි මාසය තුළ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් ලෙසයි.

මෙය පසුගිය වසරවලට සාපේක්ෂව ඉහළ මට්ටමක් ලෙස හඳුන්වන බව සඳහන්.

මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 543.5ක් ප්‍රේෂණ ලැබී ඇති අතර පසුගිය වසරේ මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් ලැබී තිබෙනවා.

මෙහිදී මැයි මාසය දක්වා වූ මාස පහ සඳහා, ප්‍රේෂණ මගින් රටට අමෙරිකානු ඩොලර් මිලියන 2, 624.4 ක් ලැබී තිබෙනවා.

එය වසරකට පෙර එම කාලයට වඩා 11.8% ක වර්ධනයක් ලෙස සඳහන්.

Share This