මැයි 06 වන දා පැවැත්වෙන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ඇති සූදානම

මැයි 06 වන දා පැවැත්වෙන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ඇති සූදානම

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහා ආරාධනා ලබා ඇති රටවල් රැසක නායකයින් එරටට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සෙනසුරාදා (06) දිනයේ පැවැත්වීමට නියමිත රජුගේ රාජාභිෂේකයට සම්ප්‍රදායික පෙරහැර සහිතව විශේෂාංග රැසක්ද ඇතුළත්ව තිබෙනවා

පැමිණෙන්නන් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ

මධ්‍යම ලන්ඩනය හරහා පැමිණෙන පෙරහැරකින් පසු, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී චාල්ස් රජු ඔටුනු පළඳන විට, දහස් ගණන් ජනතාව පෙළගැසී බලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දිවයිනෙන් පිටත්ව ගියා

Share This