මැලේසියාවේ ආර්ථික වර්ධන අපේක්ෂාව

මැලේසියාවේ ආර්ථික වර්ධන අපේක්ෂාව

2023 වසරේ දී 4% – 5% අතර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මැලේසියා මහ බැංකුව පවසනවා.

ගෝලීය වර්ධනය මන්දගාමීව පවතින තත්ත්වය හමුවේ වර්ධනය වන අභියෝග මධ්‍යයේ එම ආර්ථික වර්ධනය අපේක්ෂා කරන බවයි මැලේසියා මහ බැංකුව සඳහන් කර ඇත්තේ.

ශ්‍රම වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම, බහු අවුරුදු ආයෝජන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ඉහළ සංචාරක ක්‍රියාකාරකම් සහ ආයෝජන වර්ධනය අපේක්ෂිත ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමට හේතු වනු ඇති බව සඳහන්.

මන්දගාමී ආර්ථික වර්ධනය, බොහෝ වෙළඳ ක්‍රියාකාරකම් අවම මට්ටමක පැවතීම හේතුවෙන් ගෝලීය ආර්ථික තත්ත්වය වර්තමානයේ දී බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් ආසියානු කලාපය සීඝ්‍ර ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන අතර මැලේසියාව එහි වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති බව ආර්ථික විශේෂඥයින් සඳහන් කර තිබෙනවා.

Share This