මැලේසියාවේ කඳුකර ප්‍රදේශයක නායයාමකින් 2ක් මරුට -51ක් අතුරුදන්

මැලේසියාවේ කඳුකර ප්‍රදේශයක නායයාමකින් 2ක් මරුට -51ක් අතුරුදන්

මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්තයේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයක නායයාමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව එරට ගිනි නිවන බලධාරීහු පවසා තිබෙනවා

ක්වාලාලම්පූර් අගනුවරට උතුරින් පිහිටි කඳුකර Genting Highlands ප්‍රදේශයෙන් පිටත මාර්ගයක් අයිනේ පිහිටි ගොවිපොළක 100ක පමණ පිරිසක් කඳවුරු බැඳ සිටියදී මෙම නායයෑම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මැලේසියාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

නමුත් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නායයාමට හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැති අතර එරට ප්‍රාදේශීය මාධ්‍ය පවසා තිබෙන්නේ ඊට පෙර අධික වර්ෂාවක් හෝ භූමිකම්පාවක් සිදු නොවූ බවයි.

Share This