මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා යයි -100කට වැඩි පිරිසක් රෝහලේ

මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා යයි -100කට වැඩි පිරිසක් රෝහලේ

මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි ගෑස් නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

ගෑස් නලය පුපුරායාම හේතුවෙන් එරට ප්‍රදේශ රැසක ගෑස් සැපයුමට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන් 112 දෙනා අතරින් 63 දෙනෙකු රෝහල්ගත කර ඇත්තේ පිළිස්සුම් තුවාල හේතුවෙන්.

ගෑස් නලය පුපුරායාම නිසා නිවාස 50කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැහැ.

අදාළ සිදුවීමත් සමග නිවෙස්වල සිරවී තවත් පිරිසක් සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

එමෙන්ම නිවාස රැසකින් පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This