මැලේසියාවේ නායයාමෙන් මියගිය ගණන 16 දක්වා ඉහළට(VIDEO)

මැලේසියාවේ නායයාමෙන් මියගිය ගණන 16 දක්වා ඉහළට(VIDEO)

මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්තයේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයක නායයාමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන 16දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

මෙම නායයාම සිදු වන විට කඳවුරුකරුවන් ඔවුන්ගේ කූඩාරම්වල නිදාගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ළමයින් ඇතුළු 90 කට වැඩි පිරිසක් කඳවුරේ සිටි බවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය පවසනවා

සහන සේවකයින් විසින් 60කට වැඩි පිරිසක් බේරාගෙන ඇති නමුත් 17 දෙනෙකු තවමත් අතුරුදන් බවයි වාර්තා වන්නේ

නායයාමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This