මිටර 100ක්  ගැඹුරු නල ළිඳකට  වැටුණු ‘පස් හැවිරිදි දරුවෙකු ගලවා ගැනීමට’ මොරොක්කෝවේ කරන මෙහෙයුම (VIDEO )

මිටර 100ක් ගැඹුරු නල ළිඳකට වැටුණු ‘පස් හැවිරිදි දරුවෙකු ගලවා ගැනීමට’ මොරොක්කෝවේ කරන මෙහෙයුම (VIDEO )

උතුරු මොරොක්කෝවේ මිටර 100ක් ගැඹුරු  නල ළිඳකට වැටුණු පස් හැවිරිදි පිරිමි ළමයෙකු බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට ප්‍රාදේශීය මාධ්‍ය විසින් රයන් ලෙස නම් කර ඇති මෙම දරුවා පසුගිය අඟහරුවා දා අනතුර සිදුවන විට ළිඳ පිළිසකර කරමින් සිටි තම පියා සමග සිට ඇති බව වාර්තා වනවා.

පස් හැවිරිදි දරුවා  එම පටු ළිඳේ සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සිවිල් ආරක්ෂක සේවා විසින් රයන් සමඟ සන්නිවේදනය කිරීමට සහ ඔහුගේ වටපිටාව රූගත කිරීමට ජංගම දුරකථනයක් ලණුවක සවි කර පහත් කර ඇති අතර හිසට සුළු තුවාල ඇති බව පෙනෙන්නට තිබුණද පිරිමි ළමයා සිහියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

මීටර් 32 ක් ගැඹුරින් දරුවා සිටින බවයි තහවුරුව ඇත්තේ.

දරුවා බේරා ගැනීමේ මෙහෙයුම මොරොක්කෝ රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This