මිද්දෙනියේ අයිස් සොයා මෙහෙයුම් –  රස පරික්ෂක පරික්ෂාව සිදුකෙරේ

මිද්දෙනියේ අයිස් සොයා මෙහෙයුම් – රස පරික්ෂක පරික්ෂාව සිදුකෙරේ

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැකකරන රසායන ද්‍රව්‍ය අඩංගු ⁣කන්ටේනර් දෙකක ඇති එම රසායන කුඩු මිද්දෙනිය තලාව ප්‍රදේශයේ දී වලදමා තිබියදී ඊයේ (05) සොයාගත් අතර ඒවා රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පරීක්ෂාවට ලක් කළා.

මෙම මෙහෙයුම දියත් කළේ බස්නාහිර උතුර පොලිස් අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතාගේ මූලිකත්වයෙන්.

ජේෂ්ඨ සහකාර රස පරික්ෂක නිලධාරින් වන සරත් ප්‍රේමතිලක ,චතුරිකා බණ්ඩාර යන නිලධාරිත් සමග තාක්ෂණ සහකාර චාමර අබේවික්‍රම යන මහත්ම මහත්මීන් මෙම පරීක්ෂා කිරීම් සිදු කළා.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කැණීම් සිදුකර මෙම ස්ථානය හාරා රසායන ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.

මෙම රසායන ද්‍රව්‍ය තිබූ ස්ථාන තුනක් රස පරික්ෂක නිලධාරිත්ගේ පරික්ෂාවට ලක්කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරි ඕලුගල මහතා පැවසුවේ අද පස්වරුවේ දී මෙම රසායන ද්‍රව්‍ය ගොඩගෙන මිද්දෙනිය පොලීසියට බාරදෙන බවයි.

එම ද්‍රව්‍ය පොලිස් භාරයට ගතයුතු අතර එම ස්ථානයෙන් ඉවත් කිරීම අද සිදු කෙරුණේ නැහැ.

ඉදිරියේදී එම රසායන ද්‍රව්‍ය ප්‍රදේශයෙන් ඒවා ඉවත් කිරීමට නියමිතයි.

 

Share This