මින්නේරියේ බස් – ටිපර් අනතුරකින් 28 කට තුවාල – පස් දෙනකුට බරපතලයි

මින්නේරියේ බස් – ටිපර් අනතුරකින් 28 කට තුවාල – පස් දෙනකුට බරපතලයි

මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මින්නේරිය බටුඔය පාලම අසලදී එකිනෙක ගැටී අද අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඉන් පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම පාලම පටුවීම හේතුවෙන් මෙම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන බවටයි.

අද අලුයම 3.00ත් 3.30ත් අතර කාලයේදී කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය පාලම අසලදී මෙම අනතුර සිදුව තිබුණා.

මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ.

අනතුර සිදු වූ අවස්ථාවේ ටිපර් රථය බටු ඔය පාලමෙන් පහළට පෙරළී තිබුණේ මෙලෙසින්.

ටිපර් රථයේ රියදුරු ටිපර් රථය තුළ සිරවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බටු ඔය පාලමෙහි පටු බව හේතුවෙන් මෙලෙස මෙම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදුවන බවටයි.

 

Share This