මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවෙන්

මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවෙන්

උතුරු මෙක්සිකානු බලධාරීන් විසින් එරට Guadalajara හි කැළෑ බද ප්‍රදේශයක තිබී මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගෙන තිබෙනවා.

කාන්තාවන්ගේ සිරුර කොටස් ද එම ගමන් මලුවල ඇති බවට හඳුනාගෙන ඇති අතර ඒවායේ පවතින සිරුරු සංඛ්‍යාව සොයා බැලීම සඳහා කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවදුරටත් එම ස්ථානයේ මිනිස් ශරීර කොටස් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව සඳහන්.

එමෙන්ම ගමන් මලු තුළ තිබී සොයාගත් මිනිස් ශරීර කොටස්වල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

Share This