මිනිසෙකුට දරාගත නොහැකි රෝගයකින් පෙළෙන කුඩා දැරිය

මිනිසෙකුට දරාගත නොහැකි රෝගයකින් පෙළෙන කුඩා දැරිය

Complex regional pain syndrome හෙවත් CPRS නම්වූ මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයක් ඕස්ට්‍රේලියාවේ 10 හැවිරිදි Bela දැරියට වැළඳී තිබෙනවා.

බොහෝ විට සුළු තුවාල හෝ ශල්‍යකර්ම හේතුවෙන් ඇති වන මෙම දුර්ලභ තත්ත්වය Bela ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇයගේ පාදයේ හටගත් බිබිලි කිහිපයකට විෂබීජ එකතු විමෙන් මෙම CRPS තත්ත්වයට ගොඳුරු වී තිබෙනවා.

රෝගයට ඕස්ට්‍රේලියාවේදී පිළිතුරු සොයාගත නොහැකි වූ නිසා උපකාර සඳහා එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This