මිනීමරු තල්මසෙකු මහා සුදු මෝරෙකු දඩයම් කරන අයුරු (VIDEO)

මිනීමරු තල්මසෙකු මහා සුදු මෝරෙකු දඩයම් කරන අයුරු (VIDEO)

දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ කලාපයේ මිනීමරු තල්මසෙකු මහා සුදු මෝරෙකු දඩයම් කරන ඉතා දුර්ලභ වීඩියෝවක් රූගත කර ගැනීමට පිරිසක් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විද්‍යාඥයන් පවසන්නේ එය පෙර නොවූ විරූ ආකාරයේ දසුනක් බවත් මිනීමරු තල්මසුන්ගේ දඩයම් කුසලතා පෙන්නුම් කළ බවත්ය.

එමෙන්ම විනාඩි දෙකකටත් අඩු කාල සීමාවකදී මිනීමරු තල්මසා සුදු මෝරාව දඩයම් කර ඇති බව සඳහන්.

මෝර ජීව විද්‍යාඥ ආචාර්ය ඇලිසන් ටවුන්ර් පෙන්වා දෙන්නේ මහා සුදු මෝරන්ගේ ගහනය සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි.

එයට හේතුව මිනීමරු තල්මසුන්ගේ ග්‍රහණයට හසුවීම මෙන්ම මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් වෙනුවෙන් මහා සුදු මෝරුන් විශාල වශයෙන් මරා දැමීම බවයි ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This