මියන්මාරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් 23ක් මිය ගොස් 30ක් අතුරුදන්

මියන්මාරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් 23ක් මිය ගොස් 30ක් අතුරුදන්

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයෙන් පලා යමින් සිටි රෝහින්ග්‍යා ජාතිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිලී යාමෙන් පසුව ඔවුන් 23 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

තවත් 30 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර පුද්ගලයින් අට දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මගීන් 50කට වැඩි පිරිසක් රැගත් මෙම බෝට්ටුව පසුගිය ඉරිදා දිනයේදී අනතුරට පත්වූ අතර , ඔවුන් මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිටි බවයි දිවි ගලවා ගත් අය පවසා තිබෙන්නේ

Share This