මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කරයි

මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කරයි

මියන්මාර ආරක්ෂක හමුදා විසින් පසුගියදා එරට උතුරු ෂාන් ප්‍රාන්තයේ මොන්ගි ප්‍රදේශයේ විශේෂ හමුදා මෙහෙයුම් සිදු කළ බව මියන්මාර රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ ප්‍රවෘත්ති සහ තොරතුරු කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

එම මෙහෙයුම්වලදී නැවත වරක් නිතීවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය සයිබර් අපරාධ මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කර, සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි 5 වනදා සිට 9 දක්වා මියන්මාර ආරක්ෂක හමුදා අදාළ ප්‍රදේශවල අඛණ්ඩව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර එහිදී මෙලෙස සයිබර් අපරාධ සිදු කෙරෙන ස්ථාන කිහිපයක් විනාශ කර තිබෙනවා.

එමෙන්ම සයිබර් අපරාධ සහ මාර්ගගත වංචාවන්ට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී කටයුතු සඳහා භාවිත කළ උපකරණ විශාල ප්‍රමාණයක් ද එම ස්ථානවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This