මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13 දෙනෙකු නිදහස් කරගෙන තිබෙනවා.

වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු මෙලෙස මුදාගෙන ඇති බව සඳහන්.

ඔවුන් දැනට ආරක්ෂිතව සිටින අතර මුදාගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිතයි.

එහිදී ඔවුන් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමටයි නියමිතව ඇත්තේ.

අනෙකුත් සිව්දෙනා මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටින බවට තොරතුරු වාර්තා වී අතර ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බවයි මෙරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා තායිලන්න විදේශ කටයුතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම සයිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට සහාය දෙන ලෙස ඉල්ලා තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස බේරාගැනීමට හැකි වී තිබෙනවා.

Share This