මියන්මාර ගැටුම පැතිරීමත් සමග මිලියන දෙකක් අවතැන්

මියන්මාර ගැටුම පැතිරීමත් සමග මිලියන දෙකක් අවතැන්

මියන්මාරයේ උත්සන්න වන ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය කණස්සල්ල පළ කර තිබෙනවා .

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, සටනින් අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ළඟා වී ඇති අතර, සටන් නොකරන පුද්ගලයින් ආරක්ෂා කර මානුෂීය ආධාර සඳහා විවෘත ප්‍රවේශය ලබා දෙන ලෙසයි මහලේකම්වරයා සෑම පැත්තකින්ම ඉල්ලා සිටින්නේ .

තායිලන්තයේ මායිම දිගේ ෂාන් ප්‍රාන්තයට දකුණින් පිහිටි Kayah ප්‍රාන්තයේ, දැනටමත් ප්‍රාන්තයේ වැඩි කොටසක් පාලනය කරන වාර්ගික Karenni කැරලිකරුවන් ප්‍රධාන නගරය වන Loikaw වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර දැනටමත් එහි මායිමේ පිහිටි විශ්ව විද්‍යාලය අල්ලාගෙන ඇති බවද සඳහන් වනවා

Share This