
මියන්මාර භූ කම්පනයේ මරණ ගණන 1000 ඉක්මවයි
මියන්මාරයට බලපෑ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
එමෙන්ම මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවිය හැකි බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ
සියවසකට වැඩි කාලයක් තුළ මියන්මාරයට බලපෑ විශාලතම භූමිකම්පාව මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ
එමෙන්ම චීනය සහ ඉන්දියාව ගලවා ගැනීමේ කටයුතු සඳහා කණ්ඩායම් යවා තිබෙනවා
මියන්මාරයට පැමිණි පළමු ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම චීන කණ්ඩායමක් වූ අතර, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ නවදිල්ලිය හදිසි මානුෂීය ආධාර සමඟ ගලවා ගැනීමේ සහ වෛද්‍ය කණ්ඩායමක් යවා ඇති බවයි.
භූමිකම්පාව හේතුවෙන් ඉදිකිරීම් කරමින් පවතින උස් ගොඩනැගිල්ලක සුන්බුන් යට සිරවී සිටින බවට විශ්වාස කෙරෙන තවත් 100 කට වැඩි පිරිසක් මුදා ගැනීමට බලධාරීන් උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ