මියැදුණ ජනතාව අතර සිට ‘මරු පරදා දිවි බේරාගත් ‘ සිරියාවේ පවුලක් (VIDEO)

මියැදුණ ජනතාව අතර සිට ‘මරු පරදා දිවි බේරාගත් ‘ සිරියාවේ පවුලක් (VIDEO)

සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වයෙන් පසු සුන්බුන්වල සිරවී සිටි සය දෙනෙකුගෙන් යුත් පවුලක් සහන සේවකයින් විසින් බේරා ගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

ඔවුන් එකිනෙකා බේරාගන්නාවිට ජනතාව ප්‍රීති ඝෝෂා නගන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටි පිරිසක් මෙලෙස බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එම පවුලේ සිටි වැඩිහිටියන් දෙදෙනා සහ ළමුන් සිව්දෙනා බේරාගෙන ගිලන්රථ මගින් රෝහල් ගත කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This