මිල්කෝ කිරිපිටි මිල පහළට

මිල්කෝ කිරිපිටි මිල පහළට

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල එළඹෙන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මිල්කෝ සමාගම අද (10) දින සිටම මෙම මිල අඩු කළ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කළ ද දැනට වෙළෙඳපොළේ ඇති තොග පැරණි මිලටම පවතින හෙයින් ලබන සතියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අද (10) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර බව සඳහන්.

Share This