මිල ඉහළ දැමීමත් සමඟ වෙළඳපොළේ නව ඉන්ධන මිල ගණන් මෙන්න (වීඩියෝ)

මිල ඉහළ දැමීමත් සමඟ වෙළඳපොළේ නව ඉන්ධන මිල ගණන් මෙන්න (වීඩියෝ)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළා.

ඒ අනුව එම සමාගම මඟින් නිකුත් කරනු ලබන ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමනු ලැබුවා.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මඟින් නිකුත් කරන ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් වන අතර පෙට්‍රල් ලීටරයක නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 254ක මුදලක්.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කරනු ලබන ඉන්ධන මිලේ වෙනසක් සිදු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් ලීටරයක් රුපියල් 121 කට අලෙවි කරන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක මුදලට අලෙවි කරනු ලබනවා.

Share This