මිෂෙල් ඔබාමාගේ මව මියයයි

මිෂෙල් ඔබාමාගේ මව මියයයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මව වන මේරියන් රොබින්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මේරියන් රොබින්සන් මහත්මිය මියයන විට වයස අවුරුදු 86 යේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ පවුලේ අය පැවසුවේ ඊයේ(31) උදෑසන රොබින්සන් මහත්මිය මියගිය බවයි.

2009 සිට 2017 අතර හිටපු ජනපති බැරැක් ඔබාමාගේ පාලනයේ වසර අටක කාලය තුළ රොබින්සන් මහත්මිය ධවල මන්දිරයේ ප්‍රසිද්ධ චරිතයක් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This