මිසයිල ප්‍රහාර අතරතුර සිදුවූ පිහි ඇනුම

මිසයිල ප්‍රහාර අතරතුර සිදුවූ පිහි ඇනුම

ඉරානය විසින් දැවැන්ත මිසයිල ප්‍රහාර එල්ල කරන අතරවාරයේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

මෙම සිදුවීමෙන් ඊශ්‍රායල ජාතිකයින් 7 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ත්‍රස්තවාදීන් දෙදෙනෙකු විසින් සැහැල්ලු දුම්රියකට ඇතුළු වී ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පිහි ඇනුම අතරවාරයේදී ඔවුන් වෙඩි තැබීම් කිහිපයක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීමෙන් මියගිය අය අතර විදෙස් ජාතිකයෙකු ද වන බව සඳහන්.

මෙම සිදුවීම ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් හෙලා දැක තිබෙනවා.

Share This