මිසිසිපි හරහා හමාගිය ටොනාඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23ක් මරුට

මිසිසිපි හරහා හමාගිය ටොනාඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23ක් මරුට

ඊයේ(24) රාත්‍රියේ එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තය හරහා හමා ගිය ටොනාඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 23දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සුළි කුණාටුවෙන් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට තවත් පිරිසක් සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් නගර කිහිපයක් විනාශ වී ඇති අතර ගස් හා විදුලි රැහැන් කඩා වැටී ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීම් වාර්තා වී තිබෙනවා.

තවත් දකුණු ප්‍රාන්ත කිහිපයක් ද ටොනාඩෝ සුළි කුණාටුවට ගොදුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිසිසිපි හි ආණ්ඩුකාර ටේට් රීව්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විපතට පත්වූවන් ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අතර ආපදාවට ලක්වූවන්ට වෛද්‍ය ආධාර සපයන බවයි.

Share This