
මිහින්තලය කෝච්චිය පොසොන් දා සිට ගමනේ
වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර – මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය යළි ලබන සඳුදා(17) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත මහතා කියා සිටියේ.
මේ නිසා දුම්රිය ධාවනය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් මෙම මාර්ගය අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දක්වා වෙනම ඉදිකිරීම නිසා උතුරු දුම්රිය මාර්ගයට බලපෑමක් නැතිව ධාවනය කළ හැකි බවත් දුම්රිය නිලධාරීහු පවසනවා.
එමෙන්ම පොසොන් දිනවල මිහින්තලය පුදබිමට යන එන වන්දනාකරුවනට ගමන් ගාස්තු අය කිරීමකින් තොරව දුම්රියෙන් යාමට අවස්ථාව සැලසීම සඳහා පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.