ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (27) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ආ‍රංචි මාර්ග පැවසුවා.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති මහින්ද ‍රාජපක්ෂ මහතා ගේ බිරිය ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා යි.

නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇති ජාතික සම්පත් අවභාවිත කිරීම සම්බන්ධව චෝදනා ගොනු වී තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ එම ආයතනයේ වංචා දූෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වාර්තාවෙන් හෙළි කර තිබුණා.

Share This