
මීටර් 400 ඉසව්වෙන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට නදීශා රාමනායක සුදුසුකම් ලබයි
එළඹෙන සැප්තැම්බර් 13 දා සිට 21 දක්වා ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමට මීටර් 400 ජාතික ශූරිය වන නදීශා රාමනායකට අවස්ථාව හිමිව තිබෙනවා.
මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලාංකික කාන්තා ක්‍රීඩිකාවන් කිසිවෙකු සෘජුව සුදුසකම් ලබා ගැනීමට නොහැකි වී තිබුණා.
ඒ හේතුවෙන් සෘජුව සුදුසුකම් නොලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලෝක මලලක්‍රීඩා සංගමය විසින් ලබාදෙන විශ්වීය ක්‍රමය ඔස්සේ දිල්හානි ලේකම්ගේ සහ නදීශා රාමනායක ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීමට ඉල්ලුම් කර තිබුණා.