මීනගයා දුම්රියේ ගැටී අලි 05 ක් මරුට

මීනගයා දුම්රියේ ගැටී අලි 05 ක් මරුට

මීනගයා දුම්රියට, මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර කි.මී.140 කණුව ආසන්නයේදී අලි 7 දෙනෙකු ගැටී තිබෙනවා

ඊයේ (19) රාත්‍රී 11.30 පමණ සිදු වූ මෙම අනතුරින් අලි පැටව් 3 දෙනෙකු සහ වැඩිහිටි ගැහැණු අලි 2 දෙනෙකු මියගොස් ඇති අතර තවත් වැඩිහිටි ගැහැණු සතෙකු සහ පැටවකු තුවාල ලබා ඇති බව සඳහන්

තුවාල ලැබු අලි පැටවා සහ ගැහැණු සතාට ගිරි තලේ වන ජීවි පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායම් ප්‍රතිකාර කිරීමට කටයුතු කරමිනු ලබනවා

එමෙන්ම අනතුර වාර්තා වූ විගස දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව අවශ්‍ය කටයුතු සිදු කළ අතර වැඩිදුර පරික්ෂණ සිදුකිරීමට නියමිතයි.

Share This