මීළග ජනාධිපතිවරණයට වයස ගැටළුවක් වෙන්න දෙන්නේ නැහැ – ජෝ බයිඩන්

මීළග ජනාධිපතිවරණයට වයස ගැටළුවක් වෙන්න දෙන්නේ නැහැ – ජෝ බයිඩන්

80 හැවිරිදි ජෝ බයිඩන්ට මීළග ජනාධිපතිවරණයට සඳහා ඔහුගේ වයස ගැටළුවක් විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජෝ බයිඩන් ඊයේ(25) නිවේදනය කළේ ඔහුට ධවල මන්දිරයේ තවත් වසර හතරක් සේවය කිරීමට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇමෙරිකානුවන් ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක පසු නොවන බවයි.

එරට සමීක්ෂණවලින් ඇමරිකානුවන්ගෙන් 70%ක් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 51% ක් ඔහු නැවත මැතිවරණයකට නොයා යුතු යැයි සිතන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2024 දී ඔහුගේ වයස නිසා ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවිය යුතු බව බහුතරයකගේ මතය වී ඇති බවයි එරට සමීක්ෂණ වාර්තාවල සඳහන් වන්නේ.

ජෝ බයිඩන් දැනටමත් එක්සත් ජනපද ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා වේ. ඔහු නැවත මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ නම්, වයස අවුරුදු 82 දී දිවුරුම් දෙනු ඇති අතර දෙවන සිව් අවුරුදු ධූර කාලය 86 දී අවසන් කරනු ලබනවා.

මෑතකදී ප්‍රචලිත වූ “පුද්ගලික නිදහස” ආරක්ෂා කිරීමේ සැලැස්ම පුළුල් ලෙස ගෙනහැර දක්වන වීඩියෝවට රිපබ්ලිකන් විරුද්ධවාදීන් පවසන්නේ ජෝ බයිඩන් මැතිවරණ සැලසුම් ක්‍රියාත්මක කරනවාට වඩා වයස පිළිබඳ ගැටළුව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

වයස ප්‍රශ්නය ගැටළුවක් වනු ඇත්තේ බයිඩන් මහතාට “බරපතල” වැරැද්දක් සිදුවුවහොත් හෝ ප්‍රචාරක මාවතේ පැකිලී ගියහොත් පමණක් බව ප්‍රවීණ දේශපාලන උපදේශක බොබ් ෂ්‍රම් පවසනවා.

ඩිමොක්‍රටික් පක්ෂ විරුද්ධවාදීන් වන රිපබ්ලිකානුවන් දැනටමත් ජෝ බයිඩන් තවදුරටත් ජනාධිපති ධුරය සඳහා සුදුසු නොවන බවට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකානුවන් 54 දෙනෙකු ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ලට පත්වන අතර බයිඩන් ඩිමෙන්ශියා පරීක්ෂණයකට භාජනය කරන ලෙස ඉල්ලා සිටිමින් ධවල මන්දිරයට අත්සන් තබන ලද ලිපියක් ධවල මන්දිරයට යැවූ බව සඳහන් වනවා.

බැරක් ඔබාමාගේ 2012 නැවත තේරී පත්වීමේ ව්‍යාපාරය මෙහෙයවූ ජිම් මෙසීනා පවසන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ට්‍රම්ප්, බයිඩන්ට වඩා අවුරුදු හතරක් බාල නිසා වයස් ප්‍රශ්නය සමනය කිරීමට මීට වඩා සුදානම් විය යුතු බවයි.

 

 

Share This